අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): අවුරුදු කාලය මුල් කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා ඇත.

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බව පැවසේ.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි.

චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස සටහන් වෙයි.

එසේම ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 445කි.

සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් ලෙස සටහන්ව තිබේ.

අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.

තවද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දැමීමට ලංකා සතොස තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...