ඉවරයක් නැති ශ්‍රීලනිපට ඉබි යතුරු වැටිල්ලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි.

එමෙන්ම අද (09) පෙරවරුවේ දෙපාර්ශවයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණු බව සඳහන් වේ.

නමුත් , අද දිනයේ දී මූලස්ථානයට පැමිණි සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පමණක් බව වාර්තා වේ.

මූලස්ථානයේ ලිපිලේඛන අස්ථාන ගතවීමේ අවධානමක් පවතින බවට පොලිසියට පැමිණිලි කළේ ද මෙම පාර්ශවය බවද පැවසේ.

ඒ අනුව දැක ගත හැකිවුණේ , ඔවුන් ද පක්ෂ මූලස්ථානයට මේ වන විට අලුතින් ඉබි යතුරු දමා ගිය බවයි.

පක්ෂය තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතු බව , පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දැමීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...