ඉවරයක් නැති ශ්‍රීලනිපට ඉබි යතුරු වැටිල්ලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි.

එමෙන්ම අද (09) පෙරවරුවේ දෙපාර්ශවයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණු බව සඳහන් වේ.

නමුත් , අද දිනයේ දී මූලස්ථානයට පැමිණි සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පමණක් බව වාර්තා වේ.

මූලස්ථානයේ ලිපිලේඛන අස්ථාන ගතවීමේ අවධානමක් පවතින බවට පොලිසියට පැමිණිලි කළේ ද මෙම පාර්ශවය බවද පැවසේ.

ඒ අනුව දැක ගත හැකිවුණේ , ඔවුන් ද පක්ෂ මූලස්ථානයට මේ වන විට අලුතින් ඉබි යතුරු දමා ගිය බවයි.

පක්ෂය තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතු බව , පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දැමීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...