Sheikh Hasina සංචාරයකට සැරසෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු බංග්ලා­දේ­ශයේ  අග­මැ­ති­නිය ශෙයික් හසීනා එරට සංචා­රය කිරී­මට  නිය­මිත බව බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැති හසන් මහ­මූද් ප්‍රකාශ කර ඇතැයි  වාර්තා වේ.

මේ මස 19 වැනිදා ආරම්භ වී ලබන ජුනි  මස 1 වැනි­දා­යින් නිමා­වට පත් වන ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු මේ සංචා­රය සිදු  කිරී­මට නිය­මිත බවත්, ඒ සඳහා දින වක­වා­නුව මෙතෙක් ප්‍රකා­ශ­යට පත් වී නැති බවත්  විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පසු­ගිය ජන­වාරි 7 වැනිදා බංග්ලා­දේශ  මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ශෙයික් හසීනා පස්වැනි වර­ටත් එරට අග­මැ­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු  ඉන්දි­යාවේ සංචා­රය කරන පළමු අව­ස්ථාව එය වනු ඇත.

බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා  ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික  සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට සහ නව සබ­ඳතා ගොඩනඟා ගැනී­මට ශෙයික් හසී­නාගේ  ඉන්දීය සංචා­රය අති­ශය වැද­ගත් වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...