Sheikh Hasina සංචාරයකට සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු බංග්ලා­දේ­ශයේ  අග­මැ­ති­නිය ශෙයික් හසීනා එරට සංචා­රය කිරී­මට  නිය­මිත බව බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැති හසන් මහ­මූද් ප්‍රකාශ කර ඇතැයි  වාර්තා වේ.

මේ මස 19 වැනිදා ආරම්භ වී ලබන ජුනි  මස 1 වැනි­දා­යින් නිමා­වට පත් වන ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු මේ සංචා­රය සිදු  කිරී­මට නිය­මිත බවත්, ඒ සඳහා දින වක­වා­නුව මෙතෙක් ප්‍රකා­ශ­යට පත් වී නැති බවත්  විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පසු­ගිය ජන­වාරි 7 වැනිදා බංග්ලා­දේශ  මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ශෙයික් හසීනා පස්වැනි වර­ටත් එරට අග­මැ­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු  ඉන්දි­යාවේ සංචා­රය කරන පළමු අව­ස්ථාව එය වනු ඇත.

බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා  ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික  සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට සහ නව සබ­ඳතා ගොඩනඟා ගැනී­මට ශෙයික් හසී­නාගේ  ඉන්දීය සංචා­රය අති­ශය වැද­ගත් වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...