කෙහෙළියගේ පෙත්සමක් ගැන තීරණයකට දින නියම වෙයි

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මිලදී ගැනීම තුළින් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරන්නේද, නැද්ද යන තීරණය ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව, පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (09) නිවේදනය කළේ එය විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද, නැද්ද යන්න පිළිබඳ තීන්දුව අප්‍රේල් 30 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...