හම්බේගමුවේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

හම්බේගමුව ප්‍රදේශයේ නිවසකදී ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රියේ හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක හිමිකරු සහ ඔහුගේ ඥාති සොහොයුරන් පිරිසක් සාදයක් පවත්වමින් සිටියදී යතුරුපැදියකින් එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

එහිදී 24 හැවිරිදි පුද්ගලයකු සහ 42 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව සඳහන්.

වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.

RN