ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතරමං වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW): ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං වී තිබෙන බව වාර්තා වේ.

ඒ ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය නිසා ගුවන් ගමන් අඩාල වීම හේතුවෙන් බව පැවසේ.

ඉරානය ඊශ්‍රායල භූමියට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ලද තොරතුරක් මත මගීන් අතර සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සමඟ යානය ඩුබායි වෙත හරවා යවා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එහිදී කලාපය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් පවතින බවත්, එම කලාපයට හෝ ඒ හරහා ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ගුවන් ගමන් කාලසටහන්වල සිදුවිය හැකි වෙනස්කම් සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...