ආසියානු වෙරළ වොලිබෝල් සූර සූරියන් ඕස්ට්‍රේලියාවෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 17, කොළඹ (LNW): තායිලන්තයේ සොන්ග්ක්ලා වෙරළ තීරයේ පැවති සමිලා වීවෘත ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරාතවය මෙන්ම කාන්තා සූරතාවය ද දින ගන්නට ඔස්ට්‍රේලියාවට හැකි වුණා.පිරිමි අංශයේ දී සූරතාවය දිනා ගත්තේ පෝල් බර්නේට් සහ ජැක් පියර්ස් වන අතර ජැස්මින්ග් ෆ්ලෙමින්ග් සහ ජෝර්ජියා ජොන්සන් කාන්තා සූරාතවය දිනා ගත්තා.

පෝල් සහ ජැක් වෙතින් අවසාන තරගයේ දී පරාජයට පත් වුණේ අබ්බාස් පෝරස්ගාරි සහ අලිරේසා අග්ජානිගසාබ් වන් වූ ඉරාන ක්‍රීඩක යුගලයයි.තෙවන තැන නවසීලන්තය නියෝජනය කළ තෝමස් රීඩ් ට සහ මැක් මැනාවේ ට හිමි වුණා.
කාන්තා අනුසූරතාවය නවසීලන්තයේ ඇලිස් ෂෙයිමාන් සහ ෂෝනා පොලී විසින් දිනා ගනු ලැබුවා.තෙවන තැන නැවත ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග බිමට පිවිසි ස්ටෙෆනි ප්‍රජාස් සහ ජානා මිලිටොනෝවික් විසින් දිනා ගත්තා.මේ තරගාවලිය පුරාම ඔස්ට්‍රේලියානු මහද්වීපයට අයත් රටවලට ඇති ආසියානු තරගාවලි නියෝජනයේ වරප්‍රසාදය මත තරග වදින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආසියාතික උරුමයන්ට බලපෑම් කරමින් වඩාත් තරගකාරී මට්ටමකට මේ තරගාවලියේ ගුණාත්මක තත්ත්වය ඔසවා තබමින් ජයග්‍රහණය කරා පිවිසී ආකාරය අගය කළ යුතුයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක බැඟින් සහභාගි වුණා.එහිදී පිරිමි අංශයේ අංක එක කණ්ඩායම ලෙස සහභාගි වුණ අංජක සංදීපන සහ සඳුන් මධුශංක ප්‍රනාන්දු 26 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටියා.අංක දෙක කණ්ඩායම ලෙස සහභාගි වුණා දිලීප සේනරාත්න සහ මලිත් ඩිල්ෂාන් සිල්වා හිමි කර ගත්තේ 28 වන තැනයි.

කාන්තා අංශයේ අංක එකේ කණ්ඩායම ලෙස තරග වැදුණු චතුරිකා වීරසිංහ සහ ෂෙහානි අසංගා කණ්ඩායම් අටක් සමඟ 17 වන තැනට පත් විය.තවත් කණ්ඩායමක් සමඟ කණ්ඩායම අතර අවසාන ස්ථානය ලෙස 25 වන ස්ථානය බෙදා ගත්තේ දිනේෂා ප්‍රසාදිනී සහ ජේ.ඩබ්ලිව්.පී තුෂාරි නියෝජනය කළ ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායමයි.
අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා පැවති මෙම තරගාවලියේ දී මැලේසියාවට තායිලන්තය මායිම් වන බිමේ පිහිටි සොන්ග්ක්ලා හී වටිනාකම සහ ආකර්ශණය ආසියාව පුරා පතුරුවාලීමට තායිලන්තය සමත් විය.මේ සමඟ ඇති සමහර ඡායාරූපවලින් ද ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොයිතරම් විනෝදශීලීව ආකර්ශණය කර ගන්න සමත් වී ඇද්දැයි සාක්ෂි සපයා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...