විප්ලවවාදීන්ගේ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය හොඳ වෙලා රටේ දරුවන්ට අකැප වෙන්නේ කොහොමද ? – විපක්ෂ නායක සජිත්

Date:

තමාට පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර බෙදන්න එපා යැයි කියන්නේ සමාජවාදය, සමාජ සාධාරණත්වය ගැන උජාවෙන් කතා කරමින් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශ විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන සමාජවාදීන් බවත්, ඒ අයට අනුව ඒ අයගේ දුවා දරුවන්ට විදේශ හා පෞද්ගලික අධ්‍යාපනය හොඳ වුවත් රටේ අනෙකුත් දරුවන්ට එය අකැප බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 153 වැනි අදියර යටතේ පුත්තලම නාත්තන්ඩිය මහවැව තෝඩුවාව සාන්ත අන්තෝනි මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේදී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. එසේම 2023 වසරේ සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලියේ කුසලතා දිනා ගත් නෙතුජ ප්‍රනාන්දු දරුවාට රොබෝ නිර්මාණ සඳහා රුපියල් 25000ක මුදලක් ද පරිත්‍යාග කළේය.

උපාධිධාරීන් විරැකියා පෝළිමේ දුක් විඳින්නේ මේ අධ්‍යාපන ක්‍රමය නිසා

තමා බස් බෙදන නිසා බස් මෑන් වැනි අන්වර්තනාම පටබඳින බවත් කිසිදු සුහුරු පන්ති කාමරයක් නොමැති පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම වරදක් ද කියා ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටින බවත් මේ සෑම පරිත්‍යාගයක් පිටුපසම ඇති ප්‍රතිපත්තිය වන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර යාවත්කාලීන කිරිම බවත් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්ට මෙන්ම රටට සෙතක් නොවන බවත් සීමාසහිත ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් උපාධිධාරීන් විරැකියා පෝළිමේ දුක්විඳින නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම විජාතිකයි කියා දෙමාපියන් දරුවන් පාරට බස්සවන්න උත්සාහ කරයි

රටේ නායකයන් ඩිජිටල් ලංකාවක් හදනවා කියා කයිවාරු ගැහුවත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බවත් තොරතුරු තාක්ෂණ විෂය පවා තවමත් උගන්වන්නේ මව් භාෂාවෙන් 6-13 බවත් මෙය 1-13 ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බවත් මේවා කියන විට විජාතික කතා කියමින් ජනතාව, දෙමාපියන්, දරුවන් පාරට බැස්සවීමට උත්සාහ කළ හැකි බවත් මේ ගැන දෙමාපියන් බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටෙන් හරි අඩක් දුප්පත්

අප රටේ දළ වශයෙන් 50%ක් දුප්පත් බවත් සමහර ආයතන 25%ක් හෝ 1/3ක් කියා කිව්වත් රටෙන් අඩක් දුප්පත් බවත් මේ දුප්පත්කමින් මිදෙන්න ඇති හොඳ ක්‍රමවේදය වන්නේ නිවැරදි යාවත්කාලීන වු අධ්‍යාපනය බවත් ඉංග්‍රීසි භාෂා, තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් හරහා රටේ දුගී දුප්පත්කම තුරන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනවශ්‍ය ප්‍රචාරණ කටයුතුවලට වියදම් කරන මුදල් පාසලකට දෙන්න

තමාට වාර්තා වූ ආකාරයට සමහර මාධ්‍ය ආයතන සිදු කරනවා සේ කිසියම් චිප් එකක් වාහනේ සවිකර දිගටම සවිකර ගෙන ගියහොත් 50000ක් 100000ක් ලබා දෙන බවත් මෙම මුදල් තමන්ගේ ප්‍රචාරණ කටයුතුවලට බස්වලට ලබා දෙනවා වෙනුවට පාසල්වල දක්ෂ දරුවන්ට හෝ ස්වේච්ඡ ගුරුවරුන්ට ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 153ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1567ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...

ඉන්දුනීසියාවේ ගංවතුර බැස යද්දී, අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය මුලදී...

රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙලිය...