දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අද!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්‍රේල් 17) යෙදී ඇත.

1960 ජූලි 21 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්‍රීලනිප නායිකාව ලෙස ජය ලබා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වූවාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර , පවුලේ සාමාජික, සාමාජිකාවන් වැඩිම සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයන්, අග්‍රාමාත්‍ය ධුරයන් හා ප්‍රබල ඇමැති ධුරයන් දැරූ ප්‍රභූ පවුලක සාමාජිකාවක් වීම විශේෂත්වයකි .

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට සැලසුම් කර ඇති අතර , සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැපැවැත්වීමට නියමිත බව සඳහන් වේ.