අභාවප්‍රාප්ත ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

Date:

අභාවප්‍රාප්ත, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ මහතාගේ දේහය අද (17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

මහජන ගෞරවය සඳහා ලබන 20 වනදා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තැබෙන ඒ.ටි. ආරියරත්න මහතාගේ දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇත.

20 වනදා පස්වරු 04.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.

සර්වෝදය ව්‍යාපාරය හරහා මෙරට ජනතාව වෙනුවෙන් සිදුකළ සේවයට ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ඉහළම මට්ටමේ දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වී තිබිණි.

ඊයේ (16) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 93 වැනි වියේ පසුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...