*
Monday, September 23, 2024
spot_img

Latest Posts

සජිත් ඇද කර නාමල්ට කෙළින් වෙන්න ක්‍රීඩකයන්ගේ වහල ගැලවීම

මොරටුව අඟුලාන ප්‍රදේශයේ ඉඳි වූ සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් රටට කීර්තියක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස ප්‍රදානයක් සිඳු වුයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිව සිටියදි 2019 දී පමණය.එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූයේ හරීන් ප්‍රනාන්දු ය.
දැන් දෙවරක්ම රට වෙනුවෙන් කරන ලද සේවයට තෑගි ලෙස ලැබුණු මේ නිවාසවලින් අය කිරීම සඳහා නිවාසලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලිපි ලැබී ඇත.ඒ නිවාස සංවර්ධන අධිකාරිය හරහාය.
මේ තත්ත්වය පැවසිමට 2021 වසරේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමු වූ විට ලැබෙන පිළිතුර වූයේ එම ප්‍රදානය සජිත් ප්‍රේමදාස විසින් නිවැරදිව ඉටු කර නොමැති බවය.අනතුරුව ඔහුගේ පෞද්ගලික ලේකම් හරහා ඔහු නිවාස සංවර්ධන අධිකාරිය අයත් අමාත්‍යංශ පෞද්ගලික ලේකම් වෙත දැණුම් දෙන්නේ ඒවා වෙනුවෙන් සහනයක් ලබා දෙන්නටය.කැබිනට් අනුමැතියකින් තොරව හො ඇතිව රටට ජාත්‍යන්තර වශයෙන් කීර්තිය ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකඟ කරවාගෙන ඇති ගිවිසුම ප්‍රකාරව ක්‍රියා කරන ලෙස හෝ එයින් ඉල්ලීමක් නොකරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පරිස්සම් සහගත වි ඇත.

එයාල හරියට කරලා නැහැ අපි මොකද කරන්නෙ කියන සම්ප්‍රදායික ක්‍රියාවලියම තව දුරටත් මෙරටේ දේශපාලනය තුළ පැවතිය හැකි බවට මේ බලසම්පන්න තරුණ අමාත්‍යවරයාගේ ක්‍රියාවෙන් පැහැදිළි වෙන ඇත්තය.නමුත් මේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය ගෙන ඇත්තේ තමන් විපක්ෂයේ සිටියද ආණ්ඩුවේ සිටියද ඉපැදි ජීවත්වන රටටය.මෙහිදී සජිත්ගේ වැරදි තීරණය ගැන කතා කරන්නට අවශ්‍යය වන්නේ එය නිවැරදිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සන්තකයට පත් කිරීමෙන් අනතුරුවය.සජිත්ගේ වැරද්ද සජිතුත් නාමලුත් අයිති රටට කීර්තිය ගෙනා ක්‍රීඩකයන් පිට පටවා නොවේය.

ක්‍රීඩා අමාත්‍යවරයා 1991 දී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති එකම දකුණු ආසියාතික රන් පදක්කම දිනා ගත් කාන්තා වොලිබෝල් කණඩායමට ද දී ඇත්තේ මෙවැනිම පිළිතුරකි.ඔවුන් සම්බන්ධයෙන් රජයෙන් සිදු විය යුතු යම් අතපසුවිමක් සිඳු වී ඇත්නම් එය නිවැරදි කරන අමාත්‍යවරු වෙනුවට නාමල් රාජපක්ෂ දක්වාම සිටින ක්‍රීඩා ඇමතිවරු සිදු කර ඇත්තේ එකල සටි අයට ඒ වරද පටවා රටක් හැටියට රටට කීර්තිය ගෙනා මිනිසුන් ඇගයීම සහ පුද දිම මඟ හැරීමය.සයුරුපුරු නිවාසලාභින් ද මුහුණ පා සිටින්නේ එම අර්බූදයටමය.

රටක් හැටියට පත් වූ පාලකයන්ට උන් ගත්තු ණය ලෙස ණය ගෙවීමේ වගකීමෙන් මිදී රට ණය බරින් නිදහස් කරගත හැකිද?නොහැකිය.ඒවා රටට ගත්තු ණය ය.ඒ ආකාරයෙන්ම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද රටට දිනා දුන් ණය නිසා ඔවුන්ට හිමි වූ දේ රැක දෙන්නට කරන ඉල්ලීම රජයකට බැහැර කරන්නට නොහැකිය.රජයක් හැටියට කවර ඇමතිවරයෙක් හෝ නායකයෙක් වැරදි තීරණයක් ගෙන ඇත්නම් එය නිවැරදි කිරීම රජය භාරගත යුතුය.ඒවා ඒවා රජයේ වගකීම්ය.
මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් මේ සමඟ ඇති ඡායාරූපයෙන් ඇත.ජාත්‍යන්තර කීර්තියට පත් තර්ජනී සිවලිංගම් මේ ඇගයීම් ලබන්නේ මාල දිවයින ජනාධිපතිවරයාගෙන්ය.ඇය ලෝකය හමුවේ පෑ දස්කම්වල වටිනාකම කිසිම ලෝකයට හැමදාම වටින්නේය.මේ අගයන්නේ අද කණ්ඩායමේ ද නැති තර්ජණී මාල දිවයින ජනාධිපතිවරයාගේ වත්මන් රජය තිබෙන අවධියට පෙර ලෝකය හමුවේ පෑ දස්කම් විස්කම් ය.ඒවාට කාලයක් හෝ දේශයක දේශපාලනයක් අදාළ නැත.අපි 96 ලෝක කුසලානය ගැන එවකට සිටි රජය විසින් උදම් අනන තෙක් බලා සිටින්නේ නැත.ඒ ඒවා රටේ ජයග්‍රහණ බැවිනි.මේවා ද රටේ ජයග්‍රහණය.ඒවාට පාට පක්ෂ නැත.අයිතිය රටටය.

ඒ නිසා සජිත්ගේ දුර්වලකමක් වේනම් එය නිවැරදි කර සජිත්ව විවේචනය කර දේශපාලන වාසි ලබා ගැනීම කරනවා මිස,එහි වේදනාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනෙන්න දිම නාමල් රාජපක්ෂ ක්‍රීඩකයෙක් හැටියට ඇති කරගත් හෘද සාක්ෂියට පවා පිටුපෑමක්ය.දෙවන වරටත් ඔවුන්ගේ නිවාසවලින් අය කරගන්න ලිපි නිකුත් වි ඇත්තේ ඔබේ පෞද්ගලික ලේකම් නිවාස සංවර්ධන අමාත්‍යංශය අයත් පෞද්ගලික ලේකම් ඇමතීම තුළින් එහි අවසාන පරමාර්ථය ඉටු කර නැති නිසා මෙන්ම එය ලිපි හුවමාරු විජ්ජාවක් පමණක් වන බැවින් බව දැන් පැහැදිළිය.ඒ නිසා මේ විජ්ජාව වෙනුවට ක්‍රීඩකයෙක් ක්‍රීඩා ඇමතිවීමේ ගෞරවය සහ ඒ වෙනුවෙන් කරන ලද ඇගයීමට තමන්ගේ හෘද සාක්ෂියටම වටිනාකමක් දෙමින් ඉතිහාසයේ සිට ක්‍රීඩාවට වූ වැරදි නිවැරදි කරන්නට ක්‍රියා කළ හැකිනම් මරුය.නැත්නම් අමුතු දැක්මක් පෙනෙන්නේ නැත.හැමෝම මෙන් වගකීමෙන් මිදි ඉතිහාසයට කුණු ඉතුරුකර තනතුරෙන් නික්ම යාම නාමල් රාජපක්ෂගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය නිමාවේදී ද දකින්නට ලැබෙනු ඇත.

තර්ජණි මාල දිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් අතින් ජාත්‍යන්තර ක්‍රීඩා පටියේ පරමාදර්ශයක් ලෙස ඇගයීමට ලක් වීම 2022 මාර්තු 18 වන දා සිදු විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan