කෙන්යාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක; රෝහල් නිහඬ පිළිවෙතක් ගෙන යයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයට පිටතින් පිහිටි කිහාරා 4 වන මට්ටමේ රෝහලේ කම්කරු වාට්ටුවේ බොහෝ ඇඳන් හිස් ව පවතින බවට වාර්තා වෙයි.

ශල්‍යකර්ම කිරීමට වෛද්‍යවරයකු නොමැති නිසා සිසේරියන් සැත්කම් අවශ්‍ය කාන්තාවන් රෝහලට නොගන්නා බව ද පැවසේ.

කෙන්යාව පුරා වෛද්‍යවරු දැන් මාසයක පමණ කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින අතර මෙම අර්බුදය ඇති වීමට ප්‍රධානතම හේතුව ද එය වේ.

රජයේ රෝහල් හිස්ව පවතින අතර එහි දැඩි නිශ්ශබ්දතාවක් මතු කරයි.

රෝගීන්ට දැන් මිල අධික පෞද්ගලික රෝහල් වෙත යාමට හෝ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට සිදු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නරක අතට හැරෙන නිදන්ගත රෝග සහ සමහර විට මරණ ද සිදු වේ.

සීමාවාසික තනතුරක් ලබා නොගෙන සුදුසුකම් ලැබිය නොහැකි අභ්‍යාසලාභී වෛද්‍යවරුන් වැටුප් හා බඳවා ගැනීමට අපොහොසත් වීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් වෛද්‍යවරු වර්ජනයේ නිරත වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: බහරේන් හී පැවති ආසියතික උළෙලේ...

කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...

කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...