අපි ආණ්ඩුවක් ගත්තු ගමන් ජාත්‍යන්තර සහාය ලැබෙනවා, ලාංකිකයින් ඩොලර් එවනවා – නලින්ද

Date:

තම ආණ්ඩුවක් බිහිකළ සැණින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකය තුළ පවතින චිත්‍රය වෙනස්වන බැවින් ජාත්‍යන්තර සහයෝගය දිනාගැනීමට සහ ඇමරිකානු ඩොලර් ආදායම් ලබාගැනීමට හැකිවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ප්‍රශ්නය – මේ වෙනකොට රටේ තියෙන තත්වයත් එක්ක ඔබතුමාලා හෙට බලයට ආවොත් මොකක්ද ගන්න පළවෙනි පියවර ?

“දැන් අපි මුහුණ දීලා තියෙන මේ බරපතළ ආර්ථික අර්බුදයේ ප්‍රධාන කොටසක් තමයි ඩොලර් අර්බුදය. එතකොට ඩොලර් අර්බුදයට විසඳුම් හොයාගන්න වෙන්නෙ ලෝකයත් එක්ක ගමන් කරලා. ඒකෙදි මේ පුද්ගලිකව අපට කොච්චර ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවාද, අපි අහවල් රටේ කොච්චර ජනාධිපති, අගමැති අඳුනනවාද කියන එක එතරම් වැදගත් නෑ. අපි ශ්‍රී ලංකාව කියන රාජ්‍යය හැටියට ලෝකයට ඉදිරිපත් වෙන ආකාරයට අනුව තමයි ලෝකය අපිත් එක්ක ගනුදෙනු කරන්නෙ. සැලැස්මක් සහිතව රට හදන අදූෂිත ආණ්ඩුවක් බලයට පත්වෙනවා කියන්නෙම ලෝකය අපි ගැන දැන් බලන චිත්‍රය වෙනස් කරනවා. එතකොට අපිට ලෝකයත් එක්ක ඉදිරියට ගමනක් තියෙනවා. අපට ණය, ආධාර, විදේශ ආයෝජකයින් සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටෙන් ගිහිල්ලා විදෙස්ගතව වැඩකරන ශ්‍රී ලාංකිකයින් එවන ආදායම සාමාන්‍යයෙන් මොන ආණ්ඩුව තිබුණත් මොන ප්‍රශ්නෙ තිබුණත් අවුරුද්දකට ඩොලර් මිලියන 7000ක් ඒ අය එව්වා. නමුත් ගතවෙච්ච මාස 9 විතරක් ඩොලර් මිලියන 3000ක් විතර ඔවුන් ලංකාවට එවලා නෑ. ඒ කියන්නෙ ඔවුන්ට ලංකාව ගැන විශ්වාසයක් නෑ. අපි ආණ්ඩුවක් එනවා කියන්නෙම ශ්‍රී ලංකාව කියන රාජ්‍යය රී බ්‍රෑන්ඩ් වෙනවා කියන එක. ඒකත් එක්ක අපට මේ ආර්ථික ගමන යන්න පුළුවන්. දුෂ්කරයි, නමුත් විශ්වාසයක් තියෙනවා, මේක ගොඩගන්න පුළුවන්”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...