නෙට්බෝල් විධායක පුටුව අත්දැකීම් සපිරි විකී ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 20, කොළඹ (LNW): ලෝක නෙට්බෝල් සම්මේලනයේ නව ප්‍රධාන විධායක ලෙස විකී ලොවී පත් වී තිබෙනවා.වර්ල්ඩ් නෙටිබෝල් මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ප්‍රධාන විධායක ක්ලෙයාර් බ්‍රිගල්ගේ නික්ම යාමෙන් පසුවයි.


වසර 18 ක කාලයක් ජාත්‍යන්තර වශයෙන් සමාජයේ විවිධාකාර සංවිධාන සහ ඉසව් සංවිධානයේ පෙරමුණ ගෙන කටයුතු කර ඇති විකීගේ දැණුම නව ලෝකයට සරිලන පරිදි නෙට්බෝල් ක්‍රීඩාවේ පරිපාලනමය වශයෙන් මෙන්ම ප්‍රවර්ධනය කෙරෙහි ද ධනාත්මක වෙනසක් ඇති කරනු ඇතැයි සිතිය හැකිය.
විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදනමේ හිටපු විධායක අධ්‍යක්ෂ ලෙස සහ Laureus Sport for Good හී ගෝලීය සංවර්ධන අධ්‍යක්ෂ ලෙස මැතකදී ද කටයුතු කර ඇති විකී, දැනට එංගලන්ත Lacrosse මණ්ඩලයේ සභාපති සහ The Change Foundation UK හි සභාපතිණිය ද වේ.


සිය අත්දැකීම් යොදා ගනිමින් ලෝක නෙට්බෝල් හී සහ එහි සාමාජිකයින් සඳහා තිරසාරත්වය සහ වාණිජමය සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාර කිරීමට උපාය මාර්ගික ක්‍රියාවලීන් ආරම්භ කරමින්, සංවර්ධනය කිරීම සඳහා වන සැළසුම් ක්‍රියාත්මක කිරීමට විකී විශාල දායකත්වයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.මේ නව තනතුරු ගැන අදහස් දක්වන විකී පවසන්නේ ලෝක නෙට්බෝල් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත් වන බවත් ඇයගේ සේවා කාලය තුළ ක්‍රීඩාවේ දියුණුව සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...