සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝ රැමෝස් හා ඇල්බර්ටෝ ගාසියා මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් එකම දිනයේ මිය ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම මරණ ඝාතන ලෙසයි සැලකෙන අතර, ජූනි 2 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර මෙක්සිකෝවේ ඝාතනය වූ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ අනුව 17 දක්වා ඉහළ ගිය බව පැවසේ.
මෙවර මැතිවරණය සැලකෙන්නේ ,රටේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මැතිවරණය ලෙස බවයි වාර්තා වන්නේ.