භාවිත කරන ලද වාහන ආනයනය ගැන ඉල්ලීමක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): රථ වාහන ආනයනය සඳහා රජය විසින් අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙස සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ඉල්ලා සිටී. භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැවසූවේ, ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...