මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණය අද

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාලදිවයිනේ ඉදිරි වසර පහ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 93 දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය අද(21) මාලදිවයිනේ දී පැවැත්වේ.

ඒ අනුව,ජන්දය ප්‍රකාශ කිරීමට 284,000 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 600ක් පුරා ජන්ද විමසීම සිදු කෙරේ.

ජනාධිපති මුයිසුගේ පක්ෂයට අමතරව අපේක්ෂකයින් 368 දෙනෙකු ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කුඩා පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයිගෙන් තෝරා ගනු ලබන අතර ඡන්ද විමසීම අවසන් වූ වහාම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.

මෙම පාර්ලිමේන්තු මැතිවරණය මඟින් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා වෙළඳාම ප්‍රවර්ධනය කළ හැකි ඉන්දියන් සාගරයේ දූපත් සමුහය වන මාලදිවයින් දුපත් චීනය දෙසට ගමන් කරනවාද තීරණය වන අතර ඉන්දියාව හා චීනය දැඩිව මෙම මැතිවරණය නිරීක්ෂණය කරනු ඇති බව වාර්තා වේ.

මෙම ජන්ද විමසීමෙන් මුයිසුගේ ජනාධිපති ධුරයට බලපෑමක් නොමැති මුත්, ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිඥා ඉටුකර ගැනීම සබන්ධයෙන් මෙම මැතිවරණය තීරණාත්මක වනු ඇත. පසුගිය සැප්තැම්බරයේ මුයිසුගේ මැතිවරනයෙන් පසුව ඉන්දියාව සහ චීනය අතර එදිරිවාදිකම් තියුනු වූ අතර නව නායකයා චීනයට ගැති ස්ථාවරයක් ගෙන රටේ එක් දූපතක ස්ථානගත කර ඇති ඉන්දියානු හමුදා ඉවත් කිරීමට ක්‍රියා කළේය.

මාලදිවයිනට සමාන ඉන්දියාවේ දූපත් පෙළක් වන ලක්ෂද්වීපයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අදහස මතු කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් පහත් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉන්දියානුවන් මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර මෑත කාලීන මාලදිවයිනේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව පහත වැටී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...