අද රාත්‍රියේ බටහිර අහසේ උල්කා වැස්සක්!

Date:

කොළඹ LNW: අද (22) රාත්‍රියේ බටහිර අහසේ උල්කාපාත වර්ෂාවක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ,ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

එය නම් කර ඇත්තේ ලයිරිශ් ලෙසින් බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

”වීනාව” තාරකා රටාව ආශ්‍රිතව දැකගත හැකියි.

පැයකට උල්කාපාත 20ක් දැකිය හැකි වන අතර එය උපරිමයට එන්නේ අද රාත්‍රියේ බව සඳහන්.

කෙසේවෙතත් අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි හෙයින් උල්කාපාත වර්ෂාව දැකගැනීමේ යම් ගැටළුවක් ඇතිවිය හැකි නමුත් එය දැකගැනීමට හොඳම වෙලාව පාන්දර 4-5 අතර බවද වීරසේකර මහතා කියාසිටියි.

කිසිම උපකරණයක් නැතිව පියවි ඇසෙන් බටහිර අහසේ දැකිය හැකි බවත් මෙය හැම වසරකම අප්‍රේල් මාසයේ දැකිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

අවස්ථාව මඟනොහැර විශේෂයෙන් දරුවන්ට මෙය පෙන්වීමට සලස්වන ලෙසයි වීරසේකර මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...