ලක්ෂයක ජනතාව එක්ක අපි එනවා මැයි 01 කැම්බල් පිටියට – කුට්ටිආරච්චි (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ එහිදී එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ලක්ෂයකට අධික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවත්, මෙය ඉතා සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියේය.