ලක්ෂයක ජනතාව එක්ක අපි එනවා මැයි 01 කැම්බල් පිටියට – කුට්ටිආරච්චි (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ එහිදී එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ලක්ෂයකට අධික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවත්, මෙය ඉතා සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...