සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!

Date:

නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙක
අපි උන්නේ තැන් තැන්වල
අසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක


දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේ
චිතක මත රැඳි රැඳී කමටහන් වී දැ⁣වේ
ස්ථිරයි! මරණය වරණයක් නම් නො වේ
ඒ වුනත් නො වැටහෙන යමක් ඇස් අග කැවේ

තර්ක ප්‍රතිතර්ක ලඹ දුන් රණබිමක වරුණේ
සර්ව සුබ සිහින පිරි උපහාස කඳු මුදුනේ
පෙරමඟට තරු හෙව්ව සමනළුන් අතිනේ
අවි නෙවෙයි මධු බඳුන් විතරමයි ගැටුණේ

සම්මා සංකල්ප ශ්‍රද්ධා දේශපාලන අතුරේ
උත්ප්‍රාස මැදත් යම් දෙයක් ඉතිරි ව ඉතිරේ
නිම්නාද දුන් නො දුන් මිත්‍ර බන්ධන අතරේ
මිනිස්කම තිබුණේ දිලෙමින් දෙඇස් ඇතුළේ

ඇහිපියන් නො හොල්ලා හදේ වැස්සක් මැවේ
සිහි⁣නයක් සිහි නැති ව තවත් සිහිනෙක ගිලේ
ප්‍රශ්වාස ප්‍රෙහෙළිකා නො විසඳෙන ඒ පැයේ
සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ

එකින් එක එළි නිවී එකින් එක තරු මියේ
අතින් අත අත හැරී යන විටදි හද දැවේ
එතැන් සිට අවසාන පැයට යන මග දිගේ
කඳුළකට වඩා බර යමක් ඇස් අග කැවේ

~ කල්පනා ඇම්බ්‍රෝස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...