ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ එන්න දසවැදෑරුම් යෝජනාවලියක් – ඉරිදාට වාහනවලට නිවාඩු !

Date:

සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය හමුවේ දෛනික ඉන්ධන ඉල්ලුම අවම කිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කළහොත් ඉදිරි මාස 04 ක කාලය තුළ ඛනිජ තෙල් ඉල්ලුම බැරල් මිලියන 2.7 කින් අවම කරගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

මේ වනවිට දෛනිකව ගෝලීය වශයෙන් නිෂ්පාදනය කරන ඛනිජ තෙල් ප්‍රමාණය බැරල් මිලියන 88 ක් වන අතර කෙසේ නමුත් දෛනික ගෝලීය ඛනිජ තෙල් ඉල්ලුම බැරල් මිලියන 97 කි. ඒ අනුව නිෂ්පාදනයට වඩා 10% කට වැඩි ඉල්ලුමක් පවතින අතර මෙම අධික ඉල්ලුම ඛනිජ තෙල් මිල ඉහළ යාමටද බලපා තිබේ.

මෙම තත්වය මත ඉල්ලුම අවම කිරීම හොඳම විසඳුම වී ඇති අතර ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය දසවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි.

අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කිරීම
හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කිරීම
ඉරිදා දිනය නගර වාහනවලින් තොර කිරීම
පොදු ප්‍රවාහනය භාවිතා කිරීම ලාභදායී කරන්න සහ පා ගමනින් ඇවිදීම සහ බයිසිකල් පැදීම දිරිමත් කිරීම
විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර් රථ වෙනුවට විකල්ප භාවිතා කිරීම
ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෝටර් රථ තවත් අය සමග බෙදා ගැනීම
භාණ්ඩ ප්රවාහන ට්රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම
හැකි සෑම විටම ගුවන් යානා වෙනුවට අධිවේගී සහ රාත්‍රී දුම්රිය භාවිතා කිරීම
විකල්ප පවතින ව්‍යාපාරික ගුවන් ගමන්වලින් වැළකීම
විද්‍යුත් සහ වඩා කාර්යක්ෂම වාහන භාවිතය දිරිමත් කිරීම

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...