රුසියාවට එරෙහිව සිටගන්න – ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක් දන්වයි

Date:

රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන යුදමය ආක්‍රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ සිටින, අදාල රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් මෙම ඉල්ලීම ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුවද රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නීත්‍යනුකූල නොවන හා බලහත්කාරී ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බව පෙන්වා දෙන අදාල රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ඊට එරෙහිව වාචික සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙ, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ජපානය, රොමේනියාව, ස්විට්සර්ලන්තය යන රටවල සහ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...