මිශ්‍ර 400 කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW): ඩුබායි හී ක්‍රියාත්මක විසි එක්වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී,මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ මූලික තරඟයේදී දෙවන ස්ථානය දිනා ගත්තා. පළමු ස්ථානය දිනාගන්නට ඉන්දියාවට හැකි වුණා.

ඉන්දියානු මිශ්‍ර සහයදීමේ කණ්ඩායම මෙම තරඟයේදී විනාඩි 03:25.54 ක කාලයක් වාර්තා කළ අතර,ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 03:28.41 කාලයකින් තරගය නිම කරමින් දෙවන තැනට පත් වුණා.

වේගවත්ම මීටර් 400 මිශ්‍ර සහය තරගය වූ ශ්‍රී ලංකාව සහභාගි වූ තරගයේ වාර්තා වූ කාලයට වඩා මන්දගාමී වු අනෙක් සහය දිවීමේ තරගයේ කාලය හා සසඳද්දි අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීම සඳහා විශාල අවස්ථාවක් හිමිව තිබෙනවා.

සහය දිවීමේ කණ්ඩායම සහභාගි වූ තරගයේ වීඩියෝව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයක් යොමු වී තිබෙන අවධානය පෙන්වන වීඩියෝවක්ද මේ සමඟ වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...