ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙන බව වාර්තා වේ, ඒ ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර ඇති බව පැවසේ.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ, ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බවත්, සිසුන් දෙමාපියන් ඇතුළු 65,000කගේ පමණ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි බවයි.

මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මුස්ලිම් ජාතික සිසුන්ට කතාවක් සිදුකිරීම ලබා දී තිබූ අවස්ථාව පමණක් ආරක්ෂක හේතූන් මත අවලංගු කරන බව වුවත්, සති කිහිපයකට පෙර සිට ඇමෙරිකාවේ කොළම්බියා යේල් හා හාවඩ් ඇතුළු විශ්වවිද්‍යාල රැසක ඊශ්‍රායලයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක බැවින්, එම විශ්වවිද්‍යලයන්හි දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ අතර සිසුන් 150කට ආසන්න සංඛ්‍යාවක් එහිදී අත්අඩංගුවට ගැනුණු බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...