*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ධම්මිකගෙන් තවත් අතිදැවැන්ත වැඩක්. 10,000 කගේ සහභාගීත්වයෙන් මිලියන 4000ක අධ්‍යාපන සහතික පත් ප්‍රදානයක් අද මාතරදී !

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (28) පැවැත්වේ.

ඒ අනුව, මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේදී අද පෙරවරු 09.00 ට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ වීමට නියමිත ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මාතර දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛාවල සිසු සිසුවියන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව අද දිනයේදී පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සවය සඳහා 10,000 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත අතර මෙය මාතර ඉතිහාසයේ මෙතෙක් පැවති දැවැන්තම සහතික පත් ප්‍රදානෝත්සවය වනු ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan