සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන පොලිය වැඩිකෙරේ !

Date:

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 13% දක්වා වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

2023 වසරට අදාළව මෙම තීරණය ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා එතෙක් ගෙවූ 14%ක පොලිය 9% දක්වා අඩුකර තිබිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...