ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): අද (29) දිනයේ සිට , ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 දා පැවැති ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වන අතර, ඒ අනුව ඔවුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතය.

මැයි මස 09 වන දා දක්වා අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...