සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් නිලධාරීන් ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටෙනු ඇති බවටයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය දිගටම කරගෙන යාම තම අරමුණ බවයි.

වෆා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 34,454දෙනෙකු මිය ගොස් 77,575දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...