සීතල යුද්ධයට විරාමයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දිනෙන් දින දිග්ගැස්සෙමින් මාස ගණනාවක් පුරා පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේවන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට උදාවන්නේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යාමටද මෙමඟින් අවස්ථාව උදාවන බවයි. ඊශ්‍රායලයේ මෙම තීරණය “අසාමාන්‍ය ත්‍යාගශීලී” තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් පවසයි. දකුණු දිග ඊශ්‍රායලයට, හමාස් සටන්කාමින් පළමු ප්‍රහාරය එල්ල කළේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 07 වනදා වන අතර, එහිදී පුද්ගලයින් 1,200ක් මියගියා. පසුව ඊශ්‍රායල් ප්‍රහාරවලින් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 34,480කි. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ද සතියක සටන් විරාමයක් ක්‍රියාත්මක වුණ අතර, එහිදී හමාස් සටන්කාමීන්, ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු හා ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 240 දෙනෙකුද නිදහස් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...