ජපන් ක්‍රිකට් හපන්කම් නංවන හැටි ගැන කියන්න ජපන් ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 01 , කොළඹ (LNW): ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය පිණිස ශ්‍රී ලංකාව ලබා දෙන දායකත්වය ජපානයේ ක්‍රිකට් ප්‍රධාන විධායක නාඔකි ඇලෙක්ස් මියාජි සිට එරට පාර්ලිමේන්තු නියෝජිතවරුන් ඇතුළු ප්‍රභූන අත්න ඇගයීමට ලක් විය.මෙසේ ඇගයීමට ලක් වුණේ ජපන් ක්‍රිකට් හී ඇරයුමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත ජපානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ය.
ජපානයේ පිහිටි සැනෝ සිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිදු වූ හමුවේදී එහි නගරාධිපති යුටාකා කනෙකෝ මෙන්ම ජපනායේ ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන පාර්ලිමේන්තු ලීගයේ මහා ලේකම් මොටෙගි ටොෂිමෙට්ෂු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කජියාසා හිරෝෂි සහ ඉනොවි ෂින්ජි ද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෝ සමඟ සාකච්ඡා කළහ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජපන් තානාපතිවරයා වන කට්සුකි කොටාරෝ ද එක් විය.


ශ්‍රී ලංකාවට අතිශයින් මිත්‍රත්වය පෙන්වන රටක් හැටියට සැළකෙන ජපානය සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගැන විශ්වසනීයත්වය තබා කටයුතු කිරීම එම අතීත සබඳතාවයන් හරහා ගොඩ නැඟුණු මිත්‍රත්වය සංඛේතවත් කරන්නකි.ඒ වගේම ජපානය මත බොහෝ විට යැපෙන්නට වන ආර්ථික කාරණා ඇති රටක ශ්‍රී ලංකා ක්‍රිකට් ජපානයට උදව් කිරීමේ අවස්ථාවක් නිර්මාණය කර ගන්නට තරම් පොහොසත් හැකියාවන් සහිත බවට ජපානයේ විශ්වසනීයත්වයට පත්වීම ද ඓතිහාසික කීර්තිමත් සංධිස්ථානයකි.


එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය දක්ෂතා ඇති පිරිසකට ජපානය සමඟ ගනු දෙනු කරන්නට ලැබෙන ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන ජාත්‍යන්තර සබඳතාවක් ද වන මේ මිත්‍රශීලී සහ වෘත්තිමය වගකීමක් සහිත ජපාන – ශ්‍රී ලංකා ක්‍රිකට් ගනුදෙනුවේ දී තානාපතිත්වය දරන්නේ ප්‍රියන්ත කාරියප්පෙරුමය.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ජපන් ක්‍රිකට් විධායක නාඔකි ඇලෙක්ස් මියාජි,ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා,වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ ජපන් ශ්‍රී ලංකා ක්‍රිකට් තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...