විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!

0
200

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW):අද (02) දහවල් 12.00  සිට සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. 

ඒ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන යන බවත්,මෙම ගැටලුව නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේය.