තරුණයින්ට අවුරුදු තුනකින් රැකියා ලැබිලා නෑ. මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ විවෘත ආර්ථිකය තුළයි – ජනපති

Date:

ගතවූ වසර තුනක කාලය තුළ තරුණයින්ට රැකියා ලැබී නොමැති බවත් තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට හැකිවන්නේ ආර්ථිකය විවෘත කිරීමෙන් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“සමහරු කියනවා මම ලු ඒකාධිපති. දැන් ඔක්කොමලාට පාරෙ යන්න පුළුවන්, රැස්වීම් තියන්න පුළුවන්, මට බනින්න පුළුවන්. මේ වාතාවරණය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුණෙ නෑ. එදා විපක්ෂ නායකතුමාට ගහලා ගෝල්ෆේස් පිට්ටනියෙන් පැන්නුවා. අද අපි ඉඩදීලා තියෙනවා එතුමාට සෙනඟක් අරගෙන යන්න චැතම් ස්ට්‍රීට් එකට. ඕක නේද ප්‍රජාතන්ත්‍රවාදය ?

ටෝකියෝ සම්මේලනයට ගිහින් අපි එදා ඩොලර් බිලියන 3ක් ලංකාවට ගත්තා, ජෝර්ජ් බුෂ් බිලියන එකක් දුන්නා, බිලියන හතරයි. මොකක්ද වුණේ ? 2004දී මේ ඔක්කොම වෙනස් කළා. ඒගොල්ලො අතවනලා ආපහු යන්න ගියා. 2018 – 2019 වෙනකොට අපට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබුණා. ඒක ඉදිරියට ගෙනිච්චා නම් මේ ප්‍රශ්නය වෙන්නෙ නෑ. දැන් ආපහු මේක වෙනස් කළොත් මොකක්ද සිදුවෙන්නෙ ? තියෙන ස්ථාවරභාවය ආරක්ෂා කරන එක විතරක් නෙවෙයි, ඒක ආරක්ෂා කරලා මදි, මේ රටේ ප්‍රශ්න තවම විසඳිලා නෑ. සියයට 25ක් විතර තවම අමාරුවෙන් ජීවත් වෙනවා. අවුරුදු තුනක් තිස්සේ රැකියාවක් තරුණයින්ට හම්බවෙලා නෑ. අපි කොහොමද මේ තරුණයින්ට රැකියා හොයලා දෙන්නෙ ? තරුණයින්ට අනාගතයක් දෙන්න ඕනෙ. පරණ ආර්ථිකයෙන් ඒක කරන්න පුළුවන්ද ? ඒක කරනවා නම් මේ ආර්ථිකය විවෘත කරලා ආයෝජන ගේන්න ඕනෙ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...