කුසල්ගෙන් ශතකයක්,ශෙවෝන් සහ කමිඳු අර්ධ ශතක රැස් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 03, කොළඹ (LNW): විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා යොලෝ,රෙඩ් සහ ග්‍රීන් යනුවෙන් කණ්ඩායම් තුනක් නම් කර ඔවුන් අතර පුහුණු තරග කිහිපයක් පවත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.එහි පළමු තරගය යොලෝ සහ රෙඩ් කණ්ඩායම් අතර පැවති අතර ලකුණු 25 න් එම තරගය ජය ගන්නට යොලෝ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය චරිත් අසලංක නායකත්වය දරණ රෙඩ් කණ්ඩායමට හිමි වුණත් පළමුව පන්දුවට පහර දීමට ඔවුන් විසින් යොලෝ කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.ඒ අනුව පන්දුවට පහර දුන් යොලෝ කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙණ්ඩිස් පන්දු 50 දී නොදැවී ලකුණු 100 රැස් කර ගත්තා.එයට හයේ පහර හයක් සහ හතරේ පහර හැටක් ඇතුළත් වුණා.කුසල් පන්දු 41 දී ලකුණු 59 ක් රැස් කළ ශෙවොන් ඩැනියල් සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 සබඳතාවයක් එක් කිරීම කැපී පෙණුනා.ඉණිමේ අවසාන භාගයේදී ඇන්ජලෝ මැතිවිස් පන්දු 9 දී නොදැවී ලකුණු 27 ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඊණිමට පිවිසි රෙඩ් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 20 සඳහා කඩුලු 8 ට ලකුණු 200 ක් පමණයි.එහිදී හුදෙකලා සටනක නිරතවෙමින් කමිඳු මෙණ්ඩිස් ලකුණු 82 ක් රැස් කරන්නට සමත් වුණා.එම ලකුණු 82 පන්දු 48 ක් තුළ හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමඟින් වාර්තා වුණා.පන්දු යැවිමේදී ප්‍රේමදාස තණතීරුවෙන් උපරිම පල නෙලා ගත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ට කඩුුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...