නෝර්වේ තානාපතිනිය හා විපක්ෂ නායක හාඅතර හමුවක්!

කොළඹ LNW: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබේ.

මෙහි දී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති බව සඳහන්.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා සහ කාවින්ද ජයවර්ධන එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...