අපිව වට්ටන්න හැදුවට අපි වැටෙන්නේ නැහැ. අපේ තමයි අදටත් ජන්ද දිනන්නේ – SLPP පියල්

කොළඹ LNW:පාක්ෂිකයින්ගේ උද්යෝගීමත් සහභාගීත්වය මැද සාර්ථක මැයි දින රැළියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

අරගලයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇද වැටී ඇති බවට ඇතැම් දේශපාලන පක්ෂ හා දේශපාලන නියෝජිතයින් පැවසුවද එසේ නොවන බව මැයි දින රැළියෙන් පෙන්නුම් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

”අරගලයත් එක්ක සමහර දේශපාලන පක්ෂ හා දේශපාලන පක්ෂ නියෝජිතයින් හිතුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන්ම ඇද වැටිලා තියෙන්නේ නැවත නැගිට්ටවන්න බැරි විදිහට කුමන්ත්‍රණකාරී වට්ටලයි තියෙන්නේ කියල. ඒ නිසා සාර්ථක වෙන එකක් නැහැ කිසිදු වැඩපිළිවෙලක් කියල ඔවුන් හිතුවේ. නමුත් අදටත් අපේ පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂයේ නායකයින්ට ලොකු ගෞරවයක් වගේම ආදරයක් තිබෙනවා. ඒ නිසා තමයි අළු මතින් නැවත නැගිටින්න පුළුවන් හයියක් අපේ පක්ෂයට ලැබුණේ. ඒ නිසා ජනතාවට ගෞරවය,ප්‍රණාමය,ස්තූතිය පුදකරනවා වගේම අපි පැහැදිලිවම කියනවා පොදුජන පෙරමුණ තමයි තීරණාත්මක සාධකය හැම මැතිවරණයකම කියල.”

ඕනෑම මැතිවරණයකදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි අතර එය වැළැක්වීමට කිසිවෙකුට හෝ නොහැකි බවද පියල් නිශාන්ත මහතා තවදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...