ලංකාවට සංචාරකයො එන මේ වෙලාවෙ, එක එක රටවල් එක්ක ඩීල් ගහලා ඒක නැති කරගන්න එපා – ගුණපාල රත්නසේකර (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW):

නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසා සිටියේ, විදේශ විනිමය අර්බුදයක සිටින අපේ වගේ රටක් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් වෙනත් රටවලට ඇදී යනවා නම් ඒක ගැටලුවක් බවයි. වීසා එකක්වත් නිකුත් කරගන්න බැරි වුණ මේ රජය රජය ඉවත් විය යුතු බවද කියා සිටී.

තව දුරටත් අදහස් පල කල මන්ත්‍රීවරයා,

” දැන් වීසා සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙලා.ලංකාවට සංචාරකයෝ එනවා.මේ වීසා සම්බන්ධයෙන් ගතපු තීන්දුව ගැටලුවක් , මේ වීසා සම්බන්ධයෙන් ගතපු තීන්දුව නිසා සංචාරකයෝ ලංකාවට එන්නේ නැතුව වෙන රටවල් වලට යන්න ඉඩ තිබෙනවා.

විදේශ විනිමය අර්බුදයක සිටින අපේ වගේ රටක් ලැබෙන විදේශ විනිමය ටිකත් වෙන රටකට යනවා නම් ඒක ගැටලුවක්.වීසා එකක්වත් නිකුත් කරගන්න බැරි උන ඒ රජය ඉවත් විය යුතුයි.
මේ ගතපු තීන්දුව වැරදියි.
වීසා එකක්වත් නිකුත් කරගන්න බැරි නම් සියල්ල විදේශ රටවල් වලට දෙනවා ශ්‍රී ලංකාව හැටියට අපි කරන්නේ මොකක්ද කියලා අපි අහනවා.
අපේ හැමදේම දෙන්නේ ඉන්දියාවට නම් ගැටලුවක්
වීසා නිකුත් කිරීමේ බලය අපි තබා ගත යුතුයි.ඒක රටේ ජාතික ආරක්ෂාවටත් ගැටලුවක්

පසුගිය සතියේ ලෝක වෙලද පොලේ ඉන්ධන මිල ගොඩක් අඩු උනා.නමුත් ඊට සාපේක්ෂව අපේ රටේ මිල අඩු කිරීමක් නිසි ලෙස කලේ නෑ. මිනිහෙකුට දරාගන්න බැරි විදියට බදු වැඩි කරලා ඉදිරියේදී මැතිවරණය කිට්ටු වෙනකොට අඩු කරයි.මෙහෙම ආර්ථිකයක් හසුරුවන රජයක් අපි දැකලා නෑ.

දැන් රජය විසින් කරන්නේ බදු අය කිරීම පමණද කියලා අපි අහනවා.වීසා එකක්වත් නිකුත් කරගන්න බැරි වෙච්ච රජයක් වීම ගැන ලැජ්ජා වෙන්න ඕන.මේ ප්‍රතිපත්තිය වැරදියි.දැන් අධිවේග මාර්ග වල කොටස් කඩා වැටිලා.අපේ මාර්ග සංවර්ධන අධිකාරිය හොද නෑ කියලා වෙන කාට හරි දේවිද දන්නේ නෑ.අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්නේ නෑ විපක්ෂයේ අපේක්ෂකයා කවුද බලලා හොද කෙනෙක් ඉන්නවා නම් අපි සහය දෙනවා.හැම පක්ෂයක්ම උපරිම ශක්තිය යොදවලා මැයි රැලි තිබ්බා.මැයි රැලියේ සෙනග බලලා තීරණ ගන්න බෑ.අපිට සෑම පක්ෂයකින්ම ආරාධනා ලැබෙනවා.

අපිට තිබුනු ජන්ද මනාප අදටත් එලෙසම තිබෙනවා කියලා අපි කියන්නේ නෑ.
අපි ගත්ත බලය ක්‍රියාත්මක කරගන්න බැරිඋනා.අපේ ජනාධිපති ඉවත් වෙලා ගියා.
ජනතාව ඉන්නේ මධ්‍යස්ථව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතනවා නම් අපි විනය කඩ කලා කියලා විනය පරීක්ෂණ කරන්න පුලුවන් , නමුත් ඒක කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ජනතාව විසින් ප්‍රතික්ෂේප කල මන්ත්‍රීවරයෙක් ජනාධිපති කරන්න පොදුජන පෙරමුණට හැකි උනා නම් අපි ඉවත් වීම ගැන විනය පරීක්ෂණ කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ
” ලෙස ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

ඇල්ලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 කණුව...