අද (07) දිනයේ උණුසුම වැඩියි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): අද (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළයුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමුකළයුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

හෙට (08) දිනයෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි තත්ත්වය සමග පවතින උණුසුම් කාලගුණයේ තරමක අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගන්නා ලෙස ජනතාව දැනුවත් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...