දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ බස්නාහිර කේප් පළාතේ ජෝර්ජ් නගරයේ ඊයේ(06) දිනයේදී බහු මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් 49 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් 26 දෙනෙකු සුන්බුන් වලින් ඉවත් කර ඇති බව ජෝර්ජ් මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, අනතුරට ලක් වූ පවුල් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙවන් ව්‍යසන නැවත සිදුවීම වැලැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...