වමේ පරමාදර්ශී ඉන්ද්‍රඛීලය ; මහා රතුබාහුට දීර්ඝායු …

Date:

තමන්ට තමන් මතක නැතිවෙන වයස වෙනකම්ම ස්වකීය මතවාදයේ නොසෙල්වී පර්වත කූඨයක්වගේ හිටපු වාමාංශික බුද්ධිමතෙක් ලංකාවේ හිටියනම් තාමත් ඉන්නව නම් ඒ වික්‍රමබාහු කරුණාරත්න..

වම, දකුණට ඔක්කොම එක ගුළියට ගෝත්‍ර යුද්ධෙට බොක්කෙන් සපෝට් දෙනකොට, ලංකාවේ සම්බාව්‍ය මාක්ස්වාදයේ ඔස්තාර්ලා කියාගත්ත වි.කො.ස. පවා වක්‍රව සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය පැත්තෙ හිටගෙන ඉන්නකොට පීඩිත ජනවර්ගයක් වෙනුවෙන් තනිවම කට ඇරපු ඒනිසාම රාජපක්ෂ ගෝත්‍ර මැරයන්ගෙ පොලු පාරවල් වලින් ඔළුව පලාගත්ත වමේ එකම රතු කමිස කාරයා වික්‍රමබාහු …

ඒ වගේම මට අනුව මාක්ස්වාදයේ හතර කොන පටලව ගත්තේ නැති ලංකාවේ එකම මාක්ස්වාදොයාත් වමේ ප්‍රාඥ්ඥායත් ඔහුයි..මේ වැඩවසම් දූපතේ සමාජවාදය හැදෙන්ට කලින් මුලින් ධනවාදය හැදෙන්ට ඕන යැයි ඔහු කිවූ තිත්ත ඇත්ත පරම සත්‍යයක්..

කීර්ති විජේබාහු, කැප්පෙටිපොළ වර්ගයේ පරමාදර්ශ කරගහගෙන තව තවත් අතීත ගෝත්‍ර වාදවලට මිසක් අනාගත ලෝකයට යන්න බෑ කියන එක ඒ විකාර මතවාද ගෝස්තර ගෙනාපු අයටම දැන් තේරිලා..

මේ කොදෙව්වෙ ඝනීබූත වෙලා තියෙන වැඩවසම් බඩකඩිත්තු මකබෑවිලා යන්ට නම් මුලින්ම ප්‍රාග්ධනයට දොරවල් ඇරිය යුතු බව ඔහු කිවූ අනාගත වාක්‍ය මේකෙ හනමිටි මාක්ස්වාදියෝ ඉතිහාසයෙන් වඳ වෙනකම්ම තේරුම් ගනීද මන්දා….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...