ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් දැඩි හානි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ඊයේ රාත්‍රීයේදී ඒකල කර්මාන්ත පුරයට ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

ගින්න හටගැනීමත් සමඟ කර්මාන්ත ශාලාවේ සිටි සේවකයින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජිවිත හානි වළක්වා ගැනීමට හැකිවී ඇති බව සඳහන් වේ. ගම්පහ ,කොළඹ ,මීගමුව ගුවන් හමුදා ගිනිනිවීම් ඒකක මගින් ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බව පැවසේ.

ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබු අනෙක් කර්මාන්ත ශාලාවලට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වි තිබෙන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පාලන අධිකාරිය ප්‍රකාශ කළේ, ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් බිලියන ගණනක් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...