ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් දැඩි හානි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ඊයේ රාත්‍රීයේදී ඒකල කර්මාන්ත පුරයට ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

ගින්න හටගැනීමත් සමඟ කර්මාන්ත ශාලාවේ සිටි සේවකයින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජිවිත හානි වළක්වා ගැනීමට හැකිවී ඇති බව සඳහන් වේ. ගම්පහ ,කොළඹ ,මීගමුව ගුවන් හමුදා ගිනිනිවීම් ඒකක මගින් ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බව පැවසේ.

ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබු අනෙක් කර්මාන්ත ශාලාවලට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වි තිබෙන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පාලන අධිකාරිය ප්‍රකාශ කළේ, ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් බිලියන ගණනක් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...