ස්ථිර විසඳුමක් නොලැබුණහොත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් කරන්න යන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 03වන දා සිට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටී.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධීකාරී සම්පත් උදයංග මහතා පවසා සිටියේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. අද දිනයේ දී මෙම වැඩවර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...