උසස් අධ්‍යාපනයට ඔබත් තෝරගත්තේ ඔස්ට්‍රේලියාවද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු ඉතුරුම් මුදල යළි ඉහළ දැමීමට එරට බලධාරීන් කටයුතු කරඇති බව පැවසේ.

ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවයි.

මැයි 10 වැනිදා සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයැදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුයි.

2023 ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමූ අතර, ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...