සිපෙට්කෝ ඉන්ධන හල් යුද හමුදාවේ අධීක්ෂණයට !

0
696

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

ඉන්ධන හල් වෙත ලබාදෙන ඉන්ධන තොග නිසිරි පරිදි බෙදා හැරීම සිදු නොවන බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති අතර එම පෝලිම්වලදී ඇතිවන නොසන්සුන්කාරී තත්වයන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා වේ.

මෙවැනි නොසන්සුන්කාරී තත්වයත් ඇතැම්විට ගැටුම් දක්වා දුරදිග යන අතර පෙරේදා රාත්‍රියේදී එවැනි ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක් විය.

මෙම තත්වය මත බවුසර් මගින් ඉන්ධහල් වෙත රැගෙන ඉන ඉන්ධන තොග නිසි පරිදි පාරිභෝගියක් වෙත බෙදා හරින්නේද යන්න යුද හමුදා සෙබළුන් විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ හැර වෙනත් කිසිදු කාර්යයකට හමුදා සෙබළුන් මැදිහත් නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here