යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ වැටුප ගැන ගත් අලුත් තීන්දුව!

Date:

කොළඹ LNW:යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.

යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55‍ සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිගන්වන ලද අතර, මේ වන විට වයස 55 සම්පූර්ණ වීම හේතුවෙන් ඔවුන් හට වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීම මත පත්ව ඇති අපහසුතාවය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇත.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමෙන් පසු අදාල සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වෙත තවදුරටත් මෙම දීමනාව ලබාදීම පිළිබඳව ජනාධිපතිතුවරයාගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් රොෂාන් බියන්විල මේ වනවිටත් කටයුතු සිදුකරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...