*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🎀වි: නායක සජිත් පරාටේ නීතියට සංශෝධන 07 ක් ඉදිරිපත් කරයි. එම නීතිය 2026 දෙසැ: තෙක් අත්හිටවා සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් රකින ලෙස යෝජනා කරයි.

🎀දොම්පේ මිනුවන්ගොඩ දිවුලපිටියේ පාසල් 03 කට සජිත් හා ජලනි ගෙන් ස්මාට් පංති කාමර. දැන් සක්වල 200 ට ආසන්නයි.

🎀ඡන්ද ඉලක්ක කරලා බොරු කමිටු හරහා රු මිලියන 3400 ක් හෙංචයියන්ට දෙන්න යනවා. ඒ මුදලින් පාසල් 10,126 න් 3400 කට ස්මාට් පංති දෙන්න පුළුවනි – සජිත්

🎀සජිත්ගේ හා සජබ යේ වෙලාව ඉතා හොදයි. දැන් සජබ ඔඹරේ වැල්ලෙත් කැරකෙනවා  කියලයි මිනිස්සු කියන්නේ. ඩයනගෙ මන්ත්‍රීකම නැති වුණේ වෙන රටක පුරවැසියෙක් නිසයි. සජබ අපි ලංකාවෙ පුරවැසියන් නිසා අපට ප්‍රශ්නයක්  නෑ – මහලේකම් රංජිත්.

🎀ආණ්ඩුවේ කෙරුවාව 2023 UNDP (යුනයිටඩි නේෂන් ඩිවොලප්මන්ට් ප්‍රෝගෑම්) වාර්තාවෙන් පේනවා. ලංකාවෙ ධපනතීන් 01% ක් රටේ සම්පත් 37% ක් භුක්ති විදිනවා. 40% ක ජනතාවක් ඇත්තේ ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහළ – සජබ කියයි.

🎀වෛද්‍ය රාජිත ගෙන් නව සංධානයක්.එහි සහාය කාටද… කොයිබට ද. දුමින්ද රිෂාඩ් මනෝ රවිත් එකතුවන ලකුණු…..?

🎀පෞද්ගලික ණය හිමියන්ගෙ ඇතැම් යෝජනා රටට අහිතකරයි. රට අනතුරේ දමා ඡන්දෙට පෙර කුමන හෝ ගිවිසුමකට යන්න හෝ සංවේදී කරුණු වලදී දේශපාලනය ගාවන්න එපා – ආචාර්ය හර්ෂ ආණ්ඩුවට කියයි.

🎀තුන්ඩුවෙන් රට වහපු ජවිපෙ ලාල්කාන්ත අද කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න ගමේ ජවිපෙ අයට බලය දෙනවලු.එනම් උසාවිය පොලීසිය හමුදාව වහල ගල්කටස් එකෙන් රට පාළනය කරන භීෂණය යළි ගේනවට ජනතාව පක්ෂ ද – මරික්කාර්.

🎀බ්‍රිතාන්‍ය පුරවැසිකම ඔප්පුවීම තුළ රාජ්‍ය ඇමති ඩයනාගේ මන්ත්‍රීධුරය හා ඇමතිකම අහෝසියි.

🎀ගලි බවුසරයක් යනකොට යුද ටැංකියක් එනවා. ඩයනාගේ මන්ත්‍රීකම කොළඔට තරග කරන්න කැපවී මන්ත්‍රීකම පූජාකල මුජිබර්ට – තුෂාර ඉදුනිල්.

🎀ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රට හා පාර්ලිමෙන්තුව නොමග යැව්වාට ඩයනාට එරෙහිව සජබ වෙනමම නඩුවක් පවරනවා – හෙක්ටර් අප්පුහාමි.

🎀රටත් පාර්ලිමේන්තුවත් මුලා කරමින් ඩයනා වසර ගණනක් රජයේ පඩි වාහන හා  වරප්‍රසාද ලබාගත්තාට එරෙහිව ඒවා යළි රටට අයකර ගන්නත් වෙනම නඩුවකට සජබ සුදානම්.

🎀ලංකාවට ඇතුල්වීමට වීසා ගාස්තු ඉන්දියානුවන් සිටින බවට චෝදනා එල්ලවූ සමාගමකට මුදල් ගෙවීමට සිදුවන සිද්ධියට අදාළව කිරිඇල්ල ටිරාන්ට අභියෝග කරයි.

🎀දෙවන මහබැංකු කොල්ලය ලෙස VFS සමාගම හරහා මෙරට වීසා ලබාදීම විග්‍රහ කල මහාචාර්ය ජී. එල්. එය ඡන්දයට මුදල් ගැරීමක් බව ද කියයි.

🎀වීසා ලබාදීම ආගමන විගමනයට අයත් වගකීමක් වුවත් වසරකට රු කෝටි 1800 ක අක්‍රමිකතාවක් සිදුවන එම කොන්තරත්තුව වෙන රටක ප්‍රබලයන්ගේ ගජ මිතුරන්ට ලබාදී ඉන් කෝටි ප්‍රකෝටි ගණන් වංගු ගහන ලංකාවේ බලවතා කවුද – පාඨලී ප්‍රශ්න කරයි.

🎀විදෙස් රැකියා කර ලංකාවට මුදල් එවන අයට වාහන ගෙන්වන්න ඉඩදීම හොද වුණත් එය ගැටලුකාරී නිසා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදීම එහි සභාපති ආචාර්ය හර්ෂ අත්හිටවූ බවට වාර්තාවේ.

🎀වාහන 1019 ක් ගේන්න බලපත් දුන්නත් තවම ගෙනාවේ 322 යි. ලක්ෂ 60 ක වාහන ගේන අනුමැතිය පහුකර ලක්ෂ 1 1 / 2 කට කිට්ටු වාහන ගෙින්න සාමාන්‍ය රැකියා කරන අයට හැකිදැයි ප්‍රශ්න මතුවේ. වාහන බලපත්‍ර සල්ලිකාරයන් අවභාවිතා කරන බවට සැක.

🎀විවිධ ගොසිප් පැතිරෙද්දී අජිත් මාන්නප්පෙරුම ඇමෙරිකාවෙි මිචිගන් සරසවියේ ප්‍රතිචක්‍ර ක්‍රියා ව්‍යාපෘති අධ්‍යනයක.

🎀ජෙප්පන්ගෙ බලු හා කුහකකම පහළ තලයේ පමණක් නොව නායකයගෙ සිටම තිබෙන බව 360 දි රටට ඔප්පු කලා. සජිත් කෙනෙකු ගෙන් අරන් පාසල් වලට ස්මාට් පංති හා බස් දීමයි රෝහල් වලට උදව් කිරීමයි වැරදිලු. ජවිපෙ රට තුළත් ලෝකෙ වටා ගිහිනුත් එකතු කරල ඒවා ජවිපෙ නායකයො තනියම කන එක හරිලු. ලැජ්ජයි – අශෝක් අබේසිංහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan