ගෝලීය ආර්ථිකය සහ ගෝඨාට බැනීම..

0
275

ශ්‍රී ලංකාව මේ ලෝ තලයේ කොටසක් වන නිසාත් ලෝකයටම බලපාන තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාව මැජික්මය කාරණයක් නිසාවෙන් එම තත්ත්වයෙන් නොබේරෙන නිසාත් මේ වන විට අප මුහුණ පා තිබෙන අරබුදයට සමස්ත ලෝකයටම මුහුණ පෑමට සිදුවන බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණක්.

නමුත් මේ තත්වය තුළන් දේශපාලන වාසි ලබා ගනිමින් අර්බුදයක් අලුතින් නිර්මාණය කිරීමට විපක්ෂ දැඩි උත්සාහයක නිරත වන බව පෙනී යනවා. යහපාලන ආණ්ඩු සමයේදී බැඳුම්කර වංචාව පිළිබඳව කතා කිරීමේදී උත්තර නොදුන් ඔවුන් මේ මොහොතේ සැරසෙන්නේ පොදු අර්බුදයකින් ඔවුන්ගේ මඩිය තරකර තර කර ගැනීමටයි.

ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් විසින් කරනු ලබන සමීක්ෂණයකට අනුව මෙම වර්ෂයේ ආර්ථික අවදානමක සහ අර්බට සහ අර්බුදයට සමස්ත ලෝකයම ලක් වන බව ඔහු කියා සිටිනවා.
ඒ අනුව ගෝලීය ආර්ථික මන්දගාමිත්වය සමග චීනයේ වර්ධන වේගය පසුගිය වසරේ වූ 8% සිට 5.1% දක්වා පහත වැටෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2021 දී එක්සත් ජනපදයේ අගය වූ 5.6%ට සාපේක්ෂව මේ වසරේ 3.7%කින් අඩුවනු ඇතැ යි පුරෝකථනය කරන අතර, යුරෝපීය කලාපයේ එය 5.2% සිට 4.2% දක්වා මන්දගාමීත්වයක් ලබනු ඇතැ යි ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

ඉන්දියාවේ මෙම වසරේ වර්ධන වේගය 8.3% සිට 8.7% දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කරන අතර එය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.

නමුත් බොහෝ නැගී එන වෙළඳපොළවල් අඩු එන්නත්කරණ අනුපාත වැනි අමතර අභියෝග සමග තවදුරටත් පීඩා විඳිනු ඇත.

උදාහරණයක් ලෙස ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ පසුගිය වසරේ 6.7% සිට 2022 දී 2.6% දක්වා වර්ධනය මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

පසුගිය වර්ෂයන්ට වඩා වැඩිම අපනයන ආදායමක් ශ්‍රී ලංකාව තුළ වාර්තා කිරීමට 2021 දී හැකියාව ලැබුණු බව අප දනිමු. එකවර ගෝලීයව ඇතිවූ මෙම තත්ත්වය නිසා බොහෝ අංශ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනවා.

නමුත් ජනාධිපතිවරයා කේන්ද්‍රකරගත් චෝදනා වර්ෂාවක් එල්ල වන්නේ මේ වන විට රටේ පවතින තත්වය පිළිබඳව හරිහැටි අවබෝධයකින් තොරවයි.

විදේශ බලවේගයන්ට නතු නොවී වැටුණු තැනින් රට ගොඩනැගීමට නම් සියලු දෙනා තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම මේ මොහොතේ ඉතාම වැදගත් වේ. එය නොමැතිව දේශපාලන වාසි තකා හැරෙන හැරෙන අතට ආඩපාලි කීම නියම ශ්‍රී ලාංකිකයකුගේ වගකීම නොවන්නේය..

ඇත්ත Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here