ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.
ඒ අනුව ඩොලර් මිලියන 29කට වසර දෙකක් සඳහා එලෙස ලංකාවේ අහස ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව මෙන්ම නාවික හමුදාවත් ඉන්දියාවට විකුණා අවසාන බව හෙතෙම අවධාරණය ලදී.
ASK