*
Friday, October 25, 2024
spot_img

Latest Posts

විභාග නීති රීති උල්ලංඝණය කරන්නන්ට තර තිරම නොබලා දඬුවම් – විභාග කොමසාරිස්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය whatsapp හරහා බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ඊයේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, whatsapp සමූහයේ පරිපාලකවරයා ලෙස කටයුතු කල අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය 9 වැනිදා පැවැති ඉංග්‍රීසි විෂයට අදාළ විභාගය ආරම්භ වී සුළු වේලාවකට පසුව එම ප්‍රශ්න පත්‍රය whatsapp සමූහය වෙත මුදාහැර ඇති බවට මේ වන විට  විමර්ශන වලදී අනාවරණය වී තිබේ. 

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇතැයි සාමාජ මාධයේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර එම විෂය සඳහා වන පාලක උත්තර පත්‍ර පරික්ෂාව සිදුකරමින් පවතින බවයි. එහිදී යම් ගැටලුවක් අනාවරණය වුවහොත් අපේක්ෂකයින්ට කිසිදු අසාධරණයක් නොවන පරිදි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාග දොපර්තමේන්තුව සිය පැහැදිලි කිරීමේන් අවධාරණය කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගයට කිසිදු බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විභාග නීති රීති උල්ලංඝණය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවයි. හදුනාගනු ලබන එවැනි පුද්ගලයින් සදහා තරා තිරම නොබලා නීත්‍යානුකුල පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. නිකුත් කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.


 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan