පෙම්වතාගේ මරණයට සැක පිට පෙම්වතිය අත්අඩංගුවට!

0
349

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): ඝාතනයකට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත , කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් බව පැවසේ.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 වැනිදා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි සුසිත් ජය­වංශ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පසු­ගිය 07 වැනිදා පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙනි.