පෙම්වතාගේ මරණයට සැක පිට පෙම්වතිය අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): ඝාතනයකට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත , කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් බව පැවසේ.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 වැනිදා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි සුසිත් ජය­වංශ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පසු­ගිය 07 වැනිදා පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...