සටහන – නිශ්මං රණසිංහ
මැයි 13, කොළඹ (LNW): මේ දිනවල පතිස්තානයේ පැවත්වෙන මධ්‍යඹ ආසියානු වොලිබෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තරගය ජය ගැනීමට පනිස්තානය සමත් වුණා.වට 3-0 ක් ලෙස පකිස්තානය ජය ගත් මෙම තරගයේ දී ද,මහේල ඉන්දීවර වැනි ක්‍රීඩකයින්ගේ අඩුව ශ්‍රී ලංකාවට තදින් දැණුනා.
ඔහු නොතේරීමක් සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනයට යම් යම් චෝදනා එල්ල වුව ද,මහේල සිය පෞද්ගලික සමාජ මාධය ජාලා හරහා ප්‍රකාශ කර තිබෙන්නේ සිය පෞද්ගලික අධ්‍යාපනික කටයුතු නිසා මේ මොහොතේ ජාතික කණ්ඩායම හා එක්වීම අපහසු බවයි.ක්‍රීඩකයෙක් දක්ෂතා අතින් කණ්ඩායමක් ජයග්‍රහණය කරවීමට සමත්කම් දැක් වුව ද,ක්‍රීඩකයෙක් නොමැතිව කණ්ඩායමක් පරාජය වෙනවා කීම පරිපාලනමය වශයෙන් වගකීම භාරගත යුතු වරදක්.
කණ්ඩායම අඛණ්ඩාව යම් පිලිවෙලකට පවත්වාගෙන යා යුතු අතර,ක්‍රීඩකයින් ද වෙනත් කාරණා සඳහා පිටතට යාම හෝ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම්වල උවමනාවට පිටතට ගැනීමට අවසර දීම වැනි කාරණා සිඳු නොවීම වැදගත්.ඒ ආකාරයට සාමාන්‍යයෙන් දීර්ඝකාලීනව පුහුණු සංචිත පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ සිඳුවන්නේ ඉතාමත් අඩුවෙන් වන අතර බර හැදෙනකං වැසිකිළිය ගැන මතකයක්වත් නොතිබීම නිසා වැඩේ වස්ත්‍රයේ වීමේ අවස්ථා බහුල රටක් හැටියට ශ්‍රී ලංකාව ගත හැකියි.උදාහරණයකට මේ දිනවල පවතින ඔලිමිපික් උණුසුම ඔලිම්පික් උළෙලෙන් පසුව නැති වී යනු ඇති අතර නැවත ඔලිම්පික් උළෙලක් ගැන අදහසක් එන්නට හැක්කේ 2028 වසරේ මුල් භාගයේ දී පමණය.ඒ රටේ හැටිය.රටේ පාලනයේ හැඩයේ හැටිය.
එවැනි තත්ත්වයක පහසුවට අසාර්ථක ඉරණම් ප්‍රදර්ශනය කිරීමේ කාර්යයට ක්‍රිඩකයින් සහ පුහුණුකරුවන් ගොඳුරු වන අතර පකිස්තානයේ දී සමහර විට සහභාගි වූ තරග දෙකේම පරාජයන්ගෙන් කියැවී කතාන්දරය එය විය හැකියි.තරග වට 3-0 ක් ලෙස පකිස්තානයට පරාජය වූ තරගයේ දී පළමු වටයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 25 – 21 ක් ලෙස පකිස්තානය ජය ගත්තේය.දෙවන වටයේ දී හ්‍රී ලංකාව ලකුණු 22 ක් දක්වාම සිටියේ එම වටයේ ජයග්‍රහණය පෙනෙන මානයේ ය.එහෙත් ලකුණු 22 දී ශ්‍රී ලංකාව ඉක්මවා පකිස්තානය ඉදිරියට පැමිණීම නවත්වා ගැනීමට හෝ තරග වටයේ ලබා ගත් වාසිදායක තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.ඒ නිසා පකිස්තානය එම වටය ලකුනු 25 – 23 ක් ලෙස ජය ගත්තේය.
තෙවන වටයේ දී දෙවැනි වටයේ අපේක්ෂා භංගත්වය සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඒ මානසික තත්ත්වය නිසාම පකිස්තානයේ වැඩි පීඩනයකට හසු වූ බවක් පෙනෙන්නට තිබිණ.එහි ප්‍රතිපලය වූයේ ලකුණු 25 – 18 ක් ලෙස තරග වට තුනම පකිස්තානයට ජය ගෙන දෙන වට බවට පත්වීමය.එය ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම් මෑත කාලයේ දක්වමින් තිබූ දක්ෂතා සම්බන්ධ කීර්තියට මෙන්ම විශ්වාසයට ද හානිකර වූ පරාජයකි.